Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රනිල් වික්‍රමසිංහ නැවතත් පාර්ලිමේන්තුවට ?

2 years ago

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වසර අවසානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචිමාර්ග උපුටා දක්වමින් ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කර තිබෙනවා.

එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් අයෙකු ඉල්ලා අස්වී රනිල් වික්‍රමසිංහ මහතාට ඒ සදහා අවස්ථාව සලසා දෙනු ඇති බවයි එහි දැක්වෙන්නේ.

පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ශ්ව කිහිපයක් දැනටමත් යෝජනා කර ඇති බව එම වාර්තාවෙහි දැක්වෙයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස ෆයිසර් මුස්තාෆා හා රවී කරුණානායක යන මහත්වරුන් තේරී පත්විය.