Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්ධන සඳහා පනවා ඇති බදු අඩු කරනවා – නලින්ද ජයතිස්ස

2 years ago

ඉන්ධන සඳහා වන බදු අඩු කිරීමට නිශ්චිත ලෙසම කටයුතු කරන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

මෙවර අයවැයෙන්ද ලබා දිය හැකි උපරිම සහන ප්‍රමාණයක් ජනතාවට ලබා දී ඇතැයිද ඔහු පවසයි.

අයවැයෙන් නව බදු කිසිවක් පනවා නැති බවත් පැවසූ ඔහු තෙල් සංස්ථාව අලාභ ලබන තත්ත්වයට පත්කළේ කෙසේද එකල සිටි ඇමැතිවරුන් එය අවභාවිතා කළේ කෙසේදැයි ඉදිරියේදී වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කල විමසීමකට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.