Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන තීරණයක් ගනී

2 years ago

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කථානායක  විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර තිබෙනවා.

අද (21) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් කථානායක ජගත් වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළා.

කථානායකවරයා විසින් පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස කථානායකවරයාගෙන් වරින්වර සිදු කළ ඉල්ලීම් සලකා බැලීමෙන් පසු මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධව අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලමින් වරින් වර මා වෙත යොමු කරන ලද ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැඩ බලන පොලිස්පතිවරයා වෙත එම ඉල්ලීම් යොමු කර ඇති බව සභාවට දන්වනු කැමැත්තෙමි.”