ICC ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමඟින් ඊයේ (20) පැවැති තරගයේදී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ලකුණු 11,000 කඩඉම පසුකර යාමට ඉන්දීය නායක රෝහිත් ශර්මා සමත් වුණා.
ඒ අනුව ඔහු ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වූයේ මෙම කඩයිම පසුකළ ලොව 10වන පිතිකරුවා ලෙසයි. එමෙන්ම එම දස්කම් දැක් වූ 4වන ඉන්දීය පිතිකරුවා ලෙසත් වාර්තා අතරට එක්විය.
ඊයේ තරගයේදී රෝහිත් ලකුණු 41ක් රැස් කළේය.
එම ඉනිමත් සමග ඔහු තරග 269ක් නියෝජනය කරමින් ඉනිම් 261කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 11029ක් ලෙස සටහන් විය.
එක්දින ශතක 32කට හා අර්ධ ශතක 57කට හිමිකම් කියන ශර්මාගේ පිතිකරණ සාමාන්‍ය දැක්වෙන්නේ 49%ක් ලෙසයි.
ලොව වැඩිම එක්දින ලකුණු රැස්කළ පිතිකරුවා සචින් තෙන්ඩුල්කාර් (18,426)ය.
එමෙන්ම මෙම දස්කම දැක්වීමට ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙක්ද සමත්ව සිටියි.
ඔවුන් වන්නේ කුමාර් සංගක්කාර (2 / 14,234), සනත් ජයසූරිය (5 / 13,430) හා මහේල ජයවර්ධන (6 / 12,650)ය.
ලකුණු 11,000 සීමාව පසු කළ පිතිකරුවන් ලැයිස්තුව පහතින්.

