2025 ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (22) ආරම්භ වනවා.
ලබන මාර්තු මස 16 වනදා දක්වා ඉන්දියාවේදී පැවැත්වෙන මෙම තරගාවලියට රටවල් හයක හිටපු සුපිරි ක්‍රිකට් තරු රැසක් එක්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය යන රවල් නියෝජනය කරමින් කණ්ඩායම් මෙවර ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් 20-20 තරගාවලිය සඳහා සහභාගීවනවා.
තරගාවලිය ආරම්භක තරගය ලෙස අද (22) දිනයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තරග වැඳීමට නියමිත අතර එම තරගය රාත්‍රී 7.30ට ආරම්භවීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය කුමාර් සංගක්කාර විසින් ලබාදෙන අතර සචින් ටෙන්ඩුල්කාර් විසින් ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලබනවා.
ශ්‍රී ලංකා ප්‍රේක්ශකයින්ට තරඟාවලිය Dialog TV ඔස්සේ සජීවීව නැරඹිය හැකි අතර ThePapare 1 ( Ch no. 62 ) සහ ThePapare 1 HD ( Ch no. 126 ) නාලිකාවල තරඟාවලිය සජිවීව විකාශය වෙනවා.
Peo TV පාරිභෝගිකයන්ට කරඟාවලිය Peo Sports 1 HD ( Ch no.323 ) සහ Peo Sports 1 SD ( Ch no.150 ) නාලිකා
ඔස්සේ සජීවීව් නැරඹිය හැකි අතර ඩිජිටල් මාධ්‍ය ඔස්සේ “ Dialog ViU “ App, “ Peo Mobile ” App සහ Thepaapare.com වෙබ්අඩවිය හරහා තරඟාවලිය සජීවීව නැරඹීමට හැකියාව පවතිනවා.
