Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමති නලීන් හේවගේ සජබ මන්ත්‍රීවරියට කළ ප්‍රකාශයට මාලිමා මන්ත්‍රීවරියකගෙන් දැඩි විරෝධය

2 years ago

අද (22) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා විසින් සමගි ජන බලවේගයේ රෝහිණී කවිරත්න මහත්මිය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් නිල හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය තඹුත්තේගම දුම්රිය ස්ථානය සම්බන්ධයෙන් සිදු කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ විවේචනයක් සිදු කළ අතර එම කතාව අතරතුර ඔහු කවිරත්න මන්ත්‍රීවරියට වෙනත් වාසගමක් ආරෝපණය කරමින් අදහස් දැක්වීමක් සිදු කළා.

නලීන් හේවගේ අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයට සිය විරෝධය පළකරන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබේ.

එමගින් ඇය සදහන් කර ඇත්තේ තමන් එම අවස්ථාවේ සභාගර්භයේ නොසිටිය ද විපක්ෂ මන්ත්‍රීවරියකට පාර්ලිමේන්තුව තුළ නොගැලපෙන ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ස්ත්‍රීවාදී මූලධර්ම වෙනුවෙන් පෙනී සිටින කාන්තාවක් ලෙස එම ප්‍රකාශය අනුමත කළ නොහැකි බවයි.