Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අගමැති හරිනිට හිමි වූ සභාපති ධූරය

2 years ago

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පත් කර තිබෙනවා.

එම කාරක සභාවේ සභාපති ධුරය සඳහා හරිනි අමරසූරියගේ නම යෝජනා කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

අමාත්‍ය මණ්ඩලය විසින් නිශ්චය කරනු ලබන යම් තනතුරකට පත්කරනු ලැබ ඇති හෝ නම් කරනු ලැබ ඇති යම් තැනැත්තෙකුගේ යෝග්‍යතාවය පරීක්ෂා කරනු ලැබීම සහ එම තැනැත්තන් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරනු ලැබීම උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ කර්තව්‍යය වෙනවා.