චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී පාකිස්තානයට එරෙහි තරගයේදී රැස් කළ ශතකයත් සමඟ විරාට් කෝලි සචින් තෙන්ඩුල්කාර්ගගේ සහ සනත් ජයසූරියගේ වාර්තාවක් ආසන්නයට පැමිණ තිබේ.
වැඩිම රටවල් ගණනකදී එක්දින අන්තර්ජාතික ශතක රැස්කිරීමේ වාර්තාවට හිමිකම් කියනු ලබන්නේ සචින් තෙන්ඩුල්කාර් සහ සනත් ජයසූරිය වන අතර ඔවුන් දෙදෙනා රටවල් 12කදී ශතක වාර්තා කර තිබේ.
කෝලි පසුගියදා රැස් කළ ශතකයත් සමඟ මේ වන විට රටවල් 10කදී ශතක රැස්කර තිබේ.
හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල්ද ඔහු හා සම තත්ත්වයේ පසු වෙයි.
