Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යූ ටියුබ්, ෆේස්බුක්, ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය හරහා ඩොලර් උපයන අයටත් බද්දක්

2 years ago

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් උපයන ඩොලර් මුදල් සඳහා බදු මුදල් අය කරගැනීමට සිදුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඊයේ (25) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව සඳහා එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කළා,

” මගේ දැනුමේ හැටියට මීට වඩා ඉහළ ටැක්ස් එකක් තමයි යෝජනා වෙලා තිබුනේ. නමුත් අපිට මේ වෙලාවේදී ඒක කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඊට වඩා බරපතල බදු වලට යන්න වෙනවා.

මොකද ඔබ දන්නවා මේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා අපිට ඉතාම සීමිත බදු ප්‍රමාණයක් තමයි අය කරගන්න සිද්ධ වෙන්නේ, ජනතාවට විශාල බරක් පටවන්නේ නැතුව.

දැනටමත් වැටිලා තියෙන බදු බරෙන් අඩු කරන්න උත්සාහ කරමින් යන්නේ. ඉතින් දැනට මට දෙන්න පුළුවන් උත්තරේ ඒකයි. මම බලන්නම් ඒකට යම් සහනයක් ඊට වඩා දෙන්න පුළුවන්ද කියන එක මුදල් අමාත්‍යංශය පැත්තෙන්.”