Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනතාවට සහනයක්! බැංකු විසින් අය කළ ගාස්තුවක් පහතට!

2 years ago

මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන අමතර මුදල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම ගාස්තු සංශෝධනය සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කිරීමේදී අමතරව අයවන මුදල රුපියල් 25ක් දක්වා අඩුකර තිබෙනවා.

මින් පෙර මාර්ගගත ක්‍රමය හරහා මුදල් හුවමාරු කිරීමේදී මුදල් යවන පුද්ගලයාගේ ගිණුමෙන් රුපියල් 30 අමතර මුදලක් අයවුනා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන අමතර මුදල මෙම සතිය තුළ අඩුවන බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ. වසන්ත අල්විස් ද පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් සඳහන් කර සිටියා.