පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ල වූ ඔස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක මැතිව් කුහ්නමන්ට යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම සඳහා ICCය විසින් අවසර ලබාදී ඇත.
ඒ ඔහු ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හිදී පෙනී සිටි පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණයෙන් ඔහුගේ පන්දු යැවීම නිවැරදි බවට තහවුරුවීමෙන් අනතුරුවය.
එම පරීක්ෂණයේදී ඔහුගේ වැලමිට අංශක 15ක සීමාවේ පවතින බව තහවුරුවී තිබේ.
පසුගියදා නිමා වූ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගාවලියේදී ඔහුගේ පන්දු යැවීම සැකසහිත බවට චෝදනා විය.
එම තරගාවලියේදී කුහ්නමන් කඩුලු 16ක් බිඳහෙළීමට සමත් වූ අතර එම තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
