Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධනට හිමි වූ නව තනතුර

2 years ago

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා විපක්ෂනායක ගරු සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබෙනවා.

ඊට අදාල පත්වීමේ ලිපිය ඊයේ (27) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ඒ මහතා වෙත ලබාදී ඇති බව සඳහන්.

එම අවස්ථාව සඳහා සමගි ජන බලවේග මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද එක්ව සිටියා.

ඔහු වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනයත් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා විද්‍යාවේදී උපාධියක් ලබා තිබෙනවා.

වෘත්තියෙන් උසස් පෙළ භෞතික විද්‍යා ගුරුවරයෙකු වන මන්ත්‍රීවරයා මේ වන විට සමගි ජන බලවේගයේ මීරිගම ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසත් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙසත් කටයුතු කරන බවයි විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ.