Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඕස්ට්‍රේලියානු මාස්ටර්ස් කණ්ඩායම පරදා ශ්‍රී ලංකාව සුපිරි ජයක් ලබයි! තරංගගෙන් විශිෂ්ඨ ශතකයක්!

2 years ago

2025 ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් T20 තරඟාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති තරගය ජය ගන්නට ශ්‍රී ලංකාව ඊයේ (28) සමත් වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු මාස්ටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 217ක් රැස් කළා.

ලකුණු 218ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 02කදී කඩුලු 07ක් පමණක් දැවී තිබිය දී එම ඉලක්කය පසුකර ගියා.

අනතුරුව ලකුණු 218ක ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 02ක් අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 222ක් රැස් කළ ගත්තා.

මෙහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග ලකුණු 102ක්ද, ලහිරු තිරිමාන්න ලකුණු 53ක්ද, ඉසුරු උදාන ලකුණු 15 ක්ද සහ සීක්කුගේ ප්‍රසන්න ලකුණු 16 ක්ද රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී Ben Laughlin කඩුළු 03ක් හා Daniel Christian 02ක් දවාගත්තා.