ෆෙරායි ලයිෂන් තිබෙන කෙනෙක් එල්බෝඩ් කාරයන් සමඟ කාලය ගත කරන්නේ නැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට අදහසක් තිබේදැයි මාධ්‍යවේදීන් පිරිසක් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.
එල් බෝඩ් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වීමේ කිසිම අදහසක් තමාට නැති බවත් තමා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ද දැනුම් දුන් බවත් හිටපු ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
රට බංකොලොත් වූ අවස්ථාවේදී තමා බාර ගත් අභියෝගය සාර්ථකව ඉටුකිරීම පිළිබඳව නිහතමානී සතුටක් තිබෙන බවට පවසන හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, ජනතාව විසින් රටේ වගකීම අලුත් කණ්ඩායමකට පවරා ඇති හෙයින් එම කණ්ඩායම පැවරුණු වගකීම් නිසි පරිදි ඉටු කළ යුතුව තිබෙන බවයි.
