පසුගිය සති කිහිපයට සාපේක්ෂව වෙළඳපොලේ පොල් මිල ක්‍රමයෙන් පහළ යමින් පවතිනවා.
වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ, පසුගිය සතියේ රුපියල් 250කට ආසන්න මිලක පැවති සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල මේ වන විට රුපියල් 200ත් 220ත් අතර අගයක් දක්වා පහළ ගොස් ඇති බවයි.
මේ අතර පොල් සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ මැයි මාසයෙන් පසු පොල් මිල පහත බැසීම සිදුවනු ඇති බවයි.
