අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද (02) පැවැත්වෙනවා.
ඒ ඉන්දියාව සහ නවසීලන්තය අතරයි.
මේ වනවිටත් ඉන්දියාව සහ නවසීලන්තය තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුකම් ලබා තිබීම හේතුවෙන් තරගයේ ජය පරාජය දෙපිළටම බලපෑමක් එල්ල නොකරයි.
මේ අතර ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි අද සිය 300 වන ජාත්‍යන්තර එක්දින තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.
ඒ අනුව ඉන්දියාව වෙනුවෙන් එක්දින තරග 300 ක්‍රීඩා කළ 07 වන ක්‍රීඩකයා බවට කෝලි පත්වනු ඇති.
මේ දක්වා කාලය තුළ කෝලි එක්දින තරග 299කදී ඉන්දියාව වෙනුවෙන් එක්දින ලකුණු 14085ක් රැස්කරගෙන සිටිනවා.
