රජය තම තීරණය නැවත සළකා නොබැලුවහොත් සිදුවිය හැකි මෙහෙයුම් වෙනස්කම් පිළිබඳව ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.
ඒ අනුව ,බෙදාහරින්නන් බැංකු සහ ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් පිළිගැනීම නැවැත්වීමට, කාර්ය මණ්ඩලය අඩු කිරීමට සහ වියදම් අඩු කිරීම සඳහා ඉන්ධන පිරවුම්හල් කළින් වසා දැමීමට ඉඩ ඇති බව සංගමය ප්‍රකාශ කළේය.
මෙම ගැටළුව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සමඟ තීරණාත්මක රැස්වීමක් අඟහරුවාදා පැවැත්වීමට නියමිතය.
බෙදාහරින්නන් පවසන්නේ, මෙම පියවර ඔවුන්ගේ ලාභ 43% කට වඩා අඩු කර ඇති බවත්, එමඟින් මෙහෙයුම් ලාභදායි නොවන බවත්ය.
කෙසේවෙතත් ඉන්ධන පිරවුම්හල් හිමියන් අයුතු ලාභයක් ලබන බව පෙන්වාදෙමින් ඛනිජ තෙල් සංස්ථාව සිය තීරණය වෙනස් නොකරන බව අවධාරණය කරයි.
