ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරු ස්ටීව් ස්මිත් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු විස්සයි විස්ස සහ ටෙස්ට් තරග සඳහා තවදුරටත් ක්‍රීඩා කරනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඒ අනුව 2027 වසරේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසාලන තරගාවලියට ඔහු ක්‍රීඩා නොකරනු ඇති.
35 වන වියේ පසුවන ස්මිත් එක්දින ජාත්‍යන්තර තරග 170කට ක්‍රීඩා කර ඇති අතර ඔහු ඉනිම් 154කදී රැස්කර තිබෙන ලකුණු සංඛ්‍යාව 5,800කි.
එමෙන්ම ඔහු එක්දින කඩුලු 28ක් බිඳ හෙලීමටද සමත්ව තිබෙනවා.
