පළාත් පාලන මැතිවරණය සඳහා මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 3ක් හා ස්වාධීන කණ්ඩායම් 19ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව මහනුවර, කොළඹ, ගම්පහ, රත්නපුර හා අම්පාර යන දිස්ත්‍රික්ක සඳහා එලෙස ඇප තැන්පත් කර තිබේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් භාරගැනීම පෙරේදා (03) ආරම්භ වූ අතර ඇප මුදල් තැන්පතු භාරගැනීම ලබන 19 වැනි දා දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
කෙසේ වෙතත්, ලබන 8, 9, 13, 15 සහ 16 යන දිනවල ඇප මුදල් භාරගැනීම සිදු නොකරන බවද මැතිවරණ කොමිසම නිවේදනය කළේය.
