ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් ජාලයෙහි ක්‍රියාකරු වන ලංකාපේ ආයතනය – ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන සම්මාන උළෙල වන ලංකාපේ ටෙක්නොවේෂන් සම්මාන උළෙල ( LankaPay Technnovation Awards) හත් වන වතාවටත් සංවිධානය කර ඇති බව පසුගිය අගහරුවාදා (04) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවති මාධ්‍ය සමුළුවකදී නිවේදනය කළේය.
මුල්‍ය ක්ෂේත්රයේ විශේෂ අවදානයක් දිනාගෙන ඇති මෙම සම්මාන උළෙල මෙවරත් ආරම්භ වූයේ ‘වසරේ ජනප්‍රියම ඩිජිටල් ගෙවීම් නිපැයුම්’ සඳහා වන ඔන්ලයින් මත විමසුමත් සමඟිනි.
මෙම සම්මාන රාත්‍රිය 2025 මාර්තු මස 26 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිත අතර එහි අනෙකුත් ගරු ආරාධිත අමුත්තන් ලෙස ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය යන මහත්වරුන් සහභාගිවීමට නියමිතයි.
මෙවර සම්මාන උළෙලේ උපායමාර්ගික හවුල්කරු ලෙස Mastercard සම්බන්ධ වන අතර එය මෙම සම්මාන උළෙල සමඟ ඔවුන්ගේ පළමු හවුල්කාරිත්වය සනිටුහන් කරයි.
2017 දී ආරම්භ කරන ලද ලංකාපේ ටෙක්නොවේෂන් සම්මාන උළෙල යනු ශ්‍රී ලංකාවේ මුල්‍ය සේවා අංශයේ තාක්ෂණික නවෝත්පාදනවල පුරෝගාමීන් ඇගයීමේ අරමුණ ඇතිව සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන සම්මාන උළෙලයි.
ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රට තුල ඩිජිටල් ගෙවිම් ක්‍රම ප්‍රචලිත කිර්ම උදෙසා නොසැලෙන දායකත්වයක් ලබාදෙන සහ ඒ හරහා පාරිභෝගික පහසුව ඉහළ නැංවීමට මූලිකත්වය ගත් බැංකු, මුල්‍ය ආයතන සහ FinTech ආයතන ඇගයීමට ලක් කිරීම මෙම සම්මාන උළෙලේ ප්‍රධානතම අරමුණයි.
2025 සඳහා වන සම්මාන නිර්ණායකය ලෙස 2023 අප්‍රේල් 1 සිට 2024 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ අන්තර් බැංකු ගනුදෙනු සලකා බලයි. බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන සහ FinTech සේවා සපයන්නන් සම්මාන කාණ්ඩ 14ක් යටතේ තරඟ වදිනු ඇත.
මෙම කාණ්ඩ අතරට ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය සඳහා සමස්ත සම්මානය, පාරිභෝගික පහසුව සඳහා විශිෂ්ටත්වය, වසරේ හොඳම පොදු ATM සක්‍රීය කරන්නා, මූල්‍ය ඇතුළත් කිරීම සඳහා වසරේ මූල්‍ය ආයතනය, වසරේ වඩාත්ම නව්‍ය බැංකුව, වඩාත්ම ජනප්‍රිය ඩිජිටල් ගෙවීම් නිපැයුම, සිල්ලර ගෙවීම් සඳහා හොඳම බැංකුව, JustPay හරහා සිල්ලර ගෙවීම් සඳහා වන හොඳම ජංගම යෙදුම, හොඳම LANKAQR සක්‍රීය කරන්නා, ඩිජිටල් රාජ්‍ය ගෙවීම් සඳහා හොඳම බැංකුව, ඩිජිටල් ගෙවීම් සක්‍රීය කිරීම සඳහා හොඳම රාජ්‍ය ආයතනය, වසරේ හොඳම LankaPay කාඩ්පත් ක්‍රියාත්මක කරන්නා, LANKASIGN ඩිජිටල් අත්සන් අනුගමනය කිරීමට හොඳම ආයතනය සහ හොඳම ඩිජිටල් ගෙවීම් උපාය මාර්ගය ඇතුළත් වේ.
මෙවර LankaPay ටෙක්නොවේෂන් 2025 සම්මාන උළෙල සඳහා විනිශ්චය මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ ලංකා මූල්‍ය සේවා කාර්යාංශයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික රජීව බණ්ඩාරනායක මහතායි. බණ්ඩාරනායක මහතා ලෝක කොටස් හුවමාරු සම්මේලනයේ (WFE) නාමයෝජනා සහ පාලන කමිටුවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි. B R ද සිල්වා සහ සමාගමේ හවුල්කරු සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා; දකුණු ආසියානු ගණකාධිකාර් සම්මේලනයේ (SAFA) ව්‍යවස්ථාපිත ගිණුම්කරණ ප්‍රමිති කමිටුවේ සහ ගිණුම්කරණ ප්‍රමිති කමිටුවේ සභාපති, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා Ernst & Young සමාගමේ හිටපු දේශීය කළමනාකාර හවුල්කරු මනිල් ජයසිංහ මහතා; දකුණු ආසියානු ගණකාධිකාරිවරුන්ගේ සම්මේලනයේ කාන්තා නායකත්ව කමිටුවේ සභාපතිනි සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ පාලක මණ්ඩලයේ සාමාජිකා චමිලා කුරේ මෙනවිය; ශ්‍රී ලංකාවේ විශාලතම විද්‍යුත් වාණිජ්‍ය ව්‍යවසාය වන කප්රුක PLC හි නිර්මාතෘ සහ සභාපති දුලිත් හේරත් මහතා; සහ බ්‍රැන්ඩික්ස් ආයතනයේ අධ්යක්ෂ සහ ඩිජිටල් පර්වර්තන සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ සෙලින්කෝ ලයිෆ් PLC හි විධායක නොවන ස්වාධීන අධ්යක්ෂ ඕෂද සේනානායක මහතා විනිශ්චය මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් ලෙස කටයුතු කරයි.







