Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මත්තල ගුවන්තොටුපළ හදන්න වියදම කෝටි 3650යි! වසර 5කදී පාඩුව කෝටි 3850යි!

2 years ago

මත්තල ජත්‍යන්තර ගුවන්තොටුපළ පසුගිය වසර 05 දී රුපියල් කෝටි 3850ක පාඩුවක් ලබා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එම ගුවන්තොටුපළ සෑදීමට වැයව ඇත්තේ රුපියල් කෝටි 3650ක් බවයි.

අයවැය කාරක සභා විවාදයට අදාළව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා මෙන්ම නාගරික සංවර්ධන ඉදිරිකිරීම් සහ නිවාස අමාත්‍යංශවල වැය ශීර්ෂ ඊයේ විවාදයට ගැනුණා.

මේ අතර, අද දිනයේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනෙනවා.