කොළඹ නගරයේ බලය ලබා ගැනීම සඳහා සූක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අති දක්ෂ පුද්ගලයෙක් නගරාධිපති අපේක්ෂක ලෙස නම් කරන බවයි.
ගිය වර මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාව කොළඹ නගර සභාවට ඉදිරිපත් කිරීමෙන් ඔහු අසරණ තත්වයක පත්වූ හෙයින්, මෙවර කුමන තීරණයකට එළඹී ඇතිද යන්න මෙහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ.
“මුජිබර් මැතිතුමාව ගිය සැරේ අනාථ කළේ අපි නෙමෙයිනෙ. ඡන්දෙ තිබ්බා නම් අපි දිනවනේ, ඒ රනිල් වික්‍රමසිංහ මහත්මය ඡන්දේ තියපු නැති නිසා එහෙම වුණේ, ඒ පළාත් පාලන ඡන්දෙ තිබ්බා නම් අද බලයේ ඉන්නේ සමඟි ජන බලවේගය. ඒක නැති කළෙත් රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි. අපි මේ සැරේ සැලකියු යුතු පළාත් පාලන ආයතන ප්‍රමාණයක් අත් කරගන්නවා. කොළඹ නගර සභාව ඇතුළත්ව. සුපිරි චරිතයක් එනවා. කරූ ජයසූරිය මහත්තය ආවා වගේ”
