Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පළාත් පාලන ඡන්දයට ලියාපදිංචි ඡන්දදායකයින් 17,296,330ක්

2 years ago

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයින් 17,296,330 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

පළාත් පාලන ආයතන 336ක් සඳහා පැවැත්වෙන මෙම ඡන්ද විමසීමට අදාළ කටයුතු පිළිබඳව අද(08) දිවයිනේ සියලු දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්, නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වුණා.

අදාළ සාකච්ඡාවෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා කැඳවීම් දැන්වීම් නිකුත්කර අවසන් බවයි.

කොට්ඨාස 4872ක් සඳහා සභිකයින් තෝරා පත් කර ගැනීම සඳහා මෙම මැතිවරණය පැවැත්වෙන බවත් ඒ සඳහා 17,296,330ක ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින බවත් සමන් ශ්‍රී රත්නායක මහතා මෙහිදී තවදුරටත් පවසා සිටියා.