බටලන්ද වාර්තාව ඔස්සේ මෙන්ම තවත් සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් රජය නව පරීක්ෂණයක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.
පසුගියදා අල් ජසීරා නාලිකාව පැවති සම්මුඛ සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතාගෙන් බටලන්ද වාර්තාව පිළිබඳව සෘජු ප්‍රශ්න කිරීමට් සිදු කළ අතර එහිදී හිටපු ජනාධිපතිවරයා එම වාර්තාව ප්‍රතික්ෂේප කළේ එය පාර්ලිමේන්තුවේ සභාගත කළ වාර්තාවක් නොවන බව පවසමින්.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර, ඔහු සඳහන් කළේ බටලන්ද මෙන්ම මහ බැංකු බැඳුම්කර වංචාව සහ පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවයි.
කෙසේවෙතත්, එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභා ගත කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ යුතු බවද ඔහු පවසා සිටියා.
“අපරාධයක් කාලාවරෝධය වෙන්නේ දීර්ඝ කාලයකට පස්සේ, අපරාධ යට සැඟවිලා තියෙනවා කොයි මොහොතක හෝ එළියට එනවා. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයත්, බැඳුම්කර වංචාව, බටලන්ද වධකාගාරය…මේ සිද්ධි තුනටම අදාළව රනිල් වික්‍රමසිංහ වගකිවයුතු නම්..මෙතෙක් කල් එයා සැඟවිලා හිටියේ දේශපාලන රශ්මියෙන්නේ, නමුත් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කාටත් නීතිය එක සේ ක්‍රියාත්මක කරනවා..අල්ජසීරා වොයිස්කට් එකේ කාරණ අපි සැලකිල්ලට ගන්නවා, ඒ විතරක් නෙවෙයි ඒ අපරාධ තුනටම ඔහු වගකියන්න ඕන නම් ඒ පරීක්ෂණ කටයුතු අපි කඩිනම් කරනවා.”
