Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සුමේධ රණසිංහගෙන් නව ජාතික වාර්තාවක්

2 years ago

දියගමදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගයකදී පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වට එක් වූ සුමේධ රණසිංහ නව ශ්‍රී ලංකා වාතථාවක් පිහිටුවා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් හෝමාගම දියගම ක්‍රීඩාංගණයේ සංවිධානය කළ ජාතික මළල ක්‍රිඩා තේරීම් තරගයක දෙවන අදියරේදීයි.

එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර 85 දශම 7 යි 8 ක්.

සුමේධ විසින් බිදහෙලනු ලැබුවේ 2024 වසරේදී රුමේෂ් තරංග මීටර් 85.45ක දක්ෂතාවක් දක්වා පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාවයි.

මෙම දක්ෂතාවත් සමග ඔහු ටෝකියෝ හී පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබනු ඇති.

ඔහු ලෝක මලල ක්‍රීඩා සම්මේලනය 2019 වසරේදී ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ රෙගුලාසි සංශෝධනය කිරීමෙන් අනතුරුව, ඒ සදහා ඍජුව සුදුසුකම් ලැබූ ⁣පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසද  වාර්තා අතරට එක්විය.