Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පළාත් පාලන මැතිවරණය ගැන සමගි ජන බලවේගය ගත් තීරණය

2 years ago

එළඹෙන පළාත් පාලන ඡන්දයට සමගි ජන බලවේගය දුරකතනය ලකුණින්ම තරඟ කිරීමට තීරණය කර තිබේ.

පසුගිය සිකුරාදා (07) දින පැවති සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගත් බවයි ඊට සහභාගී වූ සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ.

අලියා ලකුණින් තරඟ වැ දිය යුතු බවටත් පිරිසක් යෝජන කර ඇති අතර අලියා සහ දුරකථනය එක්ව මැතිවරණයට තරඟ කළ යුතු බවටද තවත් පිරිසක් යෝජනා කර ඇත.

කෙසේවෙතත් අවසානයේ සමඟි ජන බලවේගය දුරකථනය ලකුණින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බව තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය.