Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශූරයින්ගේ කුසලානය ජය ගැනීමට ඉන්දියාවට හිමි වූ ඉලක්කය

2 years ago

ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 251ක් රැස් කර ගැනීමට සමත් වුණා.

ඩුබායි අන්තජර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් නවසීලන්තය තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

ඒ අනුව, නවසීලන්ත කණ්ඩායමේ, Will Young ලකුණු 15ක්ද, Rachin Ravindra ලකුණු 37ක්ද, Kane Williamson ලකුණු 11ක්ද, Daryl Mitchell ලකුණු 63ක්ද, Tom Latham ලකුණු 14ක්ද, Glenn Phillips ලකුණු 34ක්ද, Michael Bracewell නොදැවී ලකුණු 53ක්ද, නායක Mitchell Santner ලකුණු 08ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායමේ, Varun Chakravarthy සහ Kuldeep Yadav කඩුළු 02 බැගින්ද, Mohammed Shami සහ Ravindra Jadeja එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ඒ අනුව 2025 ශූරයින්ගේ කුසලානය ජයග්‍රහණය සඳහා ඉන්දියාවට හිමිවන ඉලක්කය ලකුණු 252ක්.