මෙරට 10 වැනි විධායක ජනාධිපති බිහි වීම සිදු වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පල කළේ, ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් එක්සත් ලක් වනිතා පෙරමුණ විසින් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සංවිධානය කර තිබු කාන්තා දින සැමරුම් උත්සවය අමතමින්.
කාන්තාවට නිසි තැන ලබා දුන් එකම දේශපාලන පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය බවද ඔහු මෙහිදී සඳහන් කළා.
“එක්සත් රටක් – සංවර්ධිත හෙටක් වෙනුවෙන් කාන්තා බලය අර්ථ ගන්වමු” යන තේමාවෙන් මෙම කාන්තා දින උළෙල සංවිධාන කර තිබුණා.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරල, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය, එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනී අචිනි ලොකුබණ්ඩාර යන අය මීට සහභාගී වී තිබුණා.
