Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශූරයන්ගේ කුසලානය ජයගත් ඉන්දියාවට දැවැන්ත ත්‍යාග මුදලක් හිමි වෙයි

2 years ago

2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය හිමිකර ගැනීමට ඉන්දියානු කණ්ඩායම අද (09) සමත් වුණා.

ඒ කඩුළු 04කින් නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්.

එහිදී නවසීලන්ත කණ්ඩායමේ ලකුණු 251 ක ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 254ක් ලබා ගනිමින් 2025 ශූරයින් බවට පත් වීමට සමත් වුණා.

ඉන්දීය කණ්ඩායමට ජයග්‍රාහී ආරම්භයක් ලබාදුන් නායක රෝහිත් ශර්මා ලකුණු 76ක් රැස්කිරීමට සමත් විය.

ඊට අමතරව ශ්‍රෙයාස් අයියර් ලකුණු 48ක් හා කේ. එල්. රාහුල් නොදැවී ලකුණු 34ක් රැස්කළහ.

නවසීලන්තය වෙනුවෙන් මිචෙල් සැන්ට්නර් (2/46) හා මිචෙල් බ්‍රැස්වෙල් (2/28) කඩුලු 2 බැගින් දවාගත්තේය.

මෙය ඉන්දියාව ශූරයන්ගේ කුසලානයක් දිනාගත් 3වන අවස්ථාව වන අතර ඒ අනුව ඔවුන් වැඩිම වාර ගණනක් ශූරයන්ගේ කුසලාන දිනාගත් කණ්ඩායම බවට ඉන්දියාව පත්විය.

එමෙන්ම නවසීලන්තය ශූරයන්ගේ කුසලානයක අනුශූරතාවක් දිනාගත් දෙවන අවස්ථාව මෙයයි.

මීට පෙර ඔවුන් 2009 වසරේදී ද අනුශූරයන් වී තිබුණි.

වසර 8කට පසුව පැවැත්වූ මෙම තරගාවලියේ ජයග්‍රාහකයන්ට ICCය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2.24ක මුදලක් වෙන්කර තිබුණි.

එය මෙරට වටිනාකමින් රුපියල් කෝටි 65කට අධිකය.

ඒ අනුව එම ත්‍යාග මුදලට හිමිකම්කීමට ඉන්දියාවට හැකිවිය.

එමෙන්ම අනුශූරයන් සඳහාද ඩොලර් මිලියන 1.12ක මුදලක් වෙන්කර තිබුණි.