Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චමල් රාජපක්ෂ ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කරයි

2 years ago

පොදුජන පෙරමුණෙන් තමා ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තමන් මැතිවරණයට ඉදිරිපත් වන බවයි ඔහු පවසන්නේ.

අද වනවිට පක්ෂය තුළ වඩා යහපත් පිබිදීමක් ඇතිව තිබෙන බවත් සියලුදෙනාගේම ඉල්ලීම අනුව තමා මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඔහු සඳහන් කරනවා.

දිස්ත්‍රික්කයේ ඕනෑම ස්ථානයකින් තමාට ඉදිරිපත් විය හැකි බව ද චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

“වෙනස කරා. වෙනසේ රඟ දැන් ආපහු දකිනවා. දැන් හැමෝටම ඕනේ ඇති කරපු වෙනස නැවත වෙනස් කරන්න. පොදුජන පෙරමුණෙන් මමත් ප්‍රාදේශීය සභාවට ඉල්ලනවා. ඉහළ යනවා. පහළ යනවා. අපි පහළින්ම පටන් ගන්නවා ආපහු. සියලුදෙනාගේම ඉල්ලීම අනුව දිස්ත්‍රික්කයේ ඕනෑම තැනකින් ඉල්ලන්න පුළුවන්.”