හිතවත් අයගේ කේලම් අසමින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගන්නා අදූරදර්ශී තීන්දු නිසා මහරගම ආසන සංවිධායක ධුරයෙන් සහ සමගි ජන බලවේගයේ සාමාජිකත්වයෙන් තමා ඉවත් වන බව හිටපු පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා පවසනවා.
විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
වසර ගණනාවක් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ ඒ මහතා ඉකුත් ජනාධිපතිවරණ සමයේ සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගත්තා.
අනතුරුව පසුගිය මහමැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු ගාමිණි තිලකසිරි මහතාව සමගි ජන බලවේගයේ මහරගම ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් පත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළා.
