එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අඛණ්ඩව කාසියේ වාසිය පරාජයට පත් වූ නායකයත් අතර සමතැන් ලබා ගැනීමට ඉන්දීය නායක රෝහිත් ශර්මාට ඊයේ (09) සිදුවුණා.
ඒ 2025 ශූරයන්ගේ කුසලානයේ නවසීලන්තයට එරෙහිව පැවති අවසන් මහා තරගයේදී කාසියේ වාසිය පරාජයට පත්වීමත් සමඟයි.
ඊයේ ලැබූ පරාජයත් සමඟ ඔහු මේ වන විට අඛණ්ඩව එක්දින තරගවලදී 12වතාවක් කාසියේ වාසිය පරාජයට පත්වී තිබෙනවා.
මින් පෙර එම වාර්තාවට හිමිකම් කිව්වේ බටහිර ඉන්දීය කොදෙව් හිටපු නායක බ්‍රයන් ලාරා වන අතර ඔහුද අවස්ථා 12කදී එක්දින තරගවලදී අඛණ්ඩව කාසියේ වාසිය පරාජයට පත්ව තිබුණා.
රෝහිත් ඉදිරියේදී පැවැත්වෙන එක්දින තරගයේදී කාසියේ වාසිය පරාජයට පත් වුවහොත් මෙම අවාසනාවන්ත වාර්තාව ඔහුගේ නම ඉදිරියේ ලියවෙනවා.
මේ අතර ඊයේ වාර්තා වූ කාසියේ වාසිය පරාජය වීමත් සමඟ එක්දින තරගවලදී ඉන්දියාව ද කාසියේ වාසිය අඛණ්ඩව පරාජය වූ 15වන අවස්ථාවයි.
ඔවුන් 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තයට එරෙහි අවසන් පූර්ව තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් පසු මේ දක්වා ක්‍රීඩාකළ සෑම තරගයකදීම කාසියේ වාසිය පරාජය වී ඇත.
