Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෙළෙඳපොලෙහි පොල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාමට හේතූව හෙළි වෙයි

2 years ago

මෙරට වාර්ෂික පොල් ඵලදාව දළ වශයෙන් පොල් ගෙඩි මිලියන 3,000ක් බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.

නමුත් පසුගිය 2024 වර්ෂයේ දී එය මිලියන 300කින් පමණ අඩුව ඇතැයිද එය පොල් මිළ ඉහළ යාමට හේතු වූ බවද පොල් වගා කිරීමේ මණ්ඩලය පෙන්වා දෙනවා.

සතුන්ගෙන් සිදුවන හානි, රටේ පවතින කාලගුණික හා දේශගුණික බලපෑම මෙන්ම පෝෂණ ගැටලු හේතුවෙන් පොල් ඵලදාව පහත වැටී ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර තාක්ෂණික මෙන්ම කළමණාකරණ ගැටළු නිසාද පොල් ඵලදාව අඩු වී ඇති බවත් සඳහන් වන අතර ඒවාට කඩිනම් විසදුම් දීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගනිමින් සිටිනවා.

පසුගිය වර්ෂයේදී රිලවුන්, දඬුලේනන්ගෙන් සහ කෘමි උවදුරු හේතුවෙන් පොල් ඵලදාව විශාල ලෙස අඩු වූ බවත් පොල් වගා කිරීමේ මණ්ඩලය හඳුනාගෙන තිබෙනවා.

මෙලෙස පොල් ඵලදාව පහත වැටීම හේතුවෙන් වෙළෙඳපොළෙහි පොල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගිය බවයි පැවසෙන්නේ.

මේ අතර මෙයට විසඳුමක් ලෙස මෙම වසර තුළදී පොල් පැල ලක්ෂ 25ක් සිටුවීමට පොල් වගා කිරීමේ මණ්ඩලය සැලසුම් කර තිබේ.