Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොහාන් රත්වත්තේ යළි සක්‍රීය දේශපාලනයට පිවිසෙයි

2 years ago

මහනුවර ජනතාව වෙනුවෙන් පොදුජන පෙරමුණෙන් නැවත වරක් දේශපාලනයට අවතිර්ණ වීමට තිරණයක් ගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.

ඔහු අද (11) මේ බව කියා සිටියේ, මහයියාවේ පිහිටි ඔහුගේ නිවසේදි පැවැත්වු මාධ්‍ය හමුවකදීයි.

පසුගිය මැතිවරණයට තමන් තරඟ නොකල බවත් අසතුටු සිද්ධීන් කිහිපයක් සිදුවු නිසා තම පක්ෂ කාර්යාලය මාස 3 ක් පමණ වසා දමන්නට සිදුවු බවයි ඔහු සඳහන් කළේ.

මාලිමා රජය ජනතාවට පොරොන්දු රාශියක් දුන් නමුත් ඒවා ඉටුවන බවක් පේන්නට නොමැති බවයි ඔහු පවසන්නේ.

ජනතාව වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නායකත්වය බාර ගන්නටද තමන් කැමති බවද පවසමින් ඔහු කියා සිටියේ,මහනුවර පමණක් නොව ලංකාවේම නායකත්වය දුන්නත් භාර ගන්නට තමන්  සූදානම් බවත් පළාත් පාලන මැතිවරණයේ දී පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ ශක්තිය යොදවන බවයි.