එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයන් සඳහා පත්වීම් ලිපි ලබාදීමේ අවස්ථාවේ ඊයේ (12) පැවැත්වුණි.
ඒ පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදීය.
පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතින් පත්වීම ලිපි ප්රධානය එහිදී සිදු විය.
ආසන සංවිධායකයන් කිහිප දෙනෙකු හා රනිල් වික්රමසිංහ මහතා අතර උණුසුම් කතාබහක් ඇතිවූයේ ආසනවල සංවිධායකයන් පත් කිරීම සම්බන්ධයෙන් විරෝධතා හේතුවෙනි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කලුතර දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු මෙන්ම, ආසන සංවිධායකවරවෙකු වූ ලක්ෂ්මන් විජේමාන්නද සිය දිස්ත්රික් නායකත්වය ඉවත් කිරීමට විරෝධය පළ කරනු ලැබුවා.
ඒ කලුතර දිස්ත්රික් නායකත්වය රාජිත සේනාරත්නට ලබාදීම හේතුවෙන්.
එමෙන්ම, තවත් ප්රාදේශිය සභා අපේක්ෂකයන් දෙදෙනෙකු ද විරෝධය පළ කරමින් අදහස් දැක්වූ අතර, ඊට එක්සත් ජාතික පක්ෂ නායකයා වන හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ අවධානය ලබා නොදෙන ආකාරයක් දක්නය ලැබුණා.
