Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වාට හිමි වූ නව තනතුර

2 years ago

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා තේරීපත් වී තිබේ.

එම තනතුර සඳහා ඔහුගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා විසින් යෝජනා කර ඇති අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා එම යෝජනාව ස්ථිර කර ඇත.

එම සංසදය පසුගියදා (11) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.

එමෙන්ම එම සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සහ වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් මහතා තෝරා පත්කර ගෙන තිබේ.