පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස්කර හෝ ඉවත්කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සහල් සඳහා නිකුත් කරඇති මිල ගණන් වෙනස්කර ඇති බවට සිල්ලර වෙළෙඳුන්ට ප්‍රකාශකරමින් සහල් වැඩි මිලට අලෙවි කිරීම සඳහා ඇතැම් වී මෝල් හිමියන් සහ තොග වෙළෙඳුන් කටයුතු කරන බවට තොරතුරු වාර්තා වී බවද අධිකාරීය එම නිවේදනයේ සඳහන් කර තිබේ.
ඒ අනුව කැකුළු සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 220.00 ක්, නාඩු සහල් උපරිම සිල්ලර මිල රුපියල් 230.00 ක් , සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 240.00 ක් සහ කීරි සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 260.00 ක් විය යුතු බව සඳහන් වේ.
එම මිලට වඩා වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළෙඳුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට අඛණ්ඩවම වැටලීම් සහ විමර්ශන දිවයින පුරා ක්‍රියාත්මක කරන බව එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී ඇත.
ඒ අනුව, මෙම වසරේ මාර්තු 12 වන දින දක්වා වෙළෙඳසැල් 5,500 කට වැඩි සංඛ්‍යාවක් විමර්ශන සිදුකර ඇති අතර එහිදී වැරදි කරන ලද වෙළෙඳුන් 4,070 ක් සඳහා නීතිමය පියවර ගෙන තිබේ.
එමෙන්ම එම වැරදි කරන ලද වෙළෙඳුන් අතරින් සහල් සම්බන්ධව වෙළෙඳුන් 1,555 කට නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.
