මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ගේ මුණුපුරා වන ප්‍රදීප් ජයවර්ධන ඇතුළු කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් 06 දෙනෙකු ද සර්වජන බලය සමඟ පසුගිය බදාදා (12) එක්ව තිබේ.
එහිදී ප්‍රදීප් ජයවර්ධන, සර්වජන බලයේ කොළඹ මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අපේක්ෂක ධුරයට නම් කෙරුණි.
එසේම, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොරටුව මහනගර සභා, මහරගම සහ බොරලැස්ගමුව නගර සභා නියෝජනය කළ හිටපු සභිකයින් විසිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ද සර්වජන බලය සමග එදින එක්විය.
