කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ හිටපු දිස්ත්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.
එක්සත් ජාතික පක්ෂය සඳහා නව ආසන සංවිධායකවරු සහ දිස්ත්‍රික් නායකයින් පත් කිරීම ඊයේ (12) සිදුකෙරුණි.
එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කළුතර දිස්ත්‍රික් නායකත්වයට පත්කිරීම පිළිබඳ කළුතර ආසන සංවිධායක ලෙස පත් කෙරුණු ලක්ෂ්මන් විජේමාන්න මහතා සිය විරෝධය පළ කර තිබුණි.
