ඉන්දියාවේ පැවැත්වෙන ‘ආසියානු ලෙජන්ඩ්ස්’ තරගාවලියේ ඊයේ (15) පැවති තරගයේදී ‘ශ්රී ලංකන් ලයන්ස්’ කණ්ඩායමේ තිසර පෙරේරා ‘ඇෆ්ගනිස්තාන් පතාන්ස්’ කණ්ඩායමට එරෙහිව පන්දුවාරයකදී හයේ පහරවල් හයක් එල්ල කිරීමට සමත් වුණා.
එහිදී ඇෆ්ගනිස්තාන් පතාන්ස් කණ්ඩායමේ අයියන් ඛාන්ගෙ පන්දුවාරයකදී මෙම හයේ පහර හය එල්ල කළ අතර එහිදී වයිඩ් පන්දු තුනක්ද යොමු කෙරුණා.
ඊයේ (15) පැවති මෙම තරගයෙන් ලකුණු 26ක ජයක් ලබා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ ඇෆ්ගනිස්ථාන් පතාන්ස් කණ්ඩායම පරාජය කරමින්.
මෙම තරගයේ පළමු පන්දුවට පහර දුන් ශ්රී ලංකන් ලයන්ස් කණ්ඩායම නියමිතපන්දුවාර 20 තුළ කඩුලු 03කට ලකුණු 230ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
එහිදී ප්රවේගකාරී ඉනිමක් ක්රීඩා කළ නායක තිසර පෙරේරා පන්දු 36ක් තුළ නොදැවී ලකුණු 108ක් රැස් කළා.
ඔහුගේ මෙම සුපිරි ඉනිමට හයේ පහර හයේ පහර 13ක් ඇතුළත් වූ අතර, ඇෆ්ගනිස්ථාන ක්රීඩක අයියන් ඛාන්ට යැවූ ශ්රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරයට හයේ පහර හයක් එල්ල කරන්නට තිසර පෙරේරාට හැකියාව ලැබුණා.
අනතුරුව ලකුණු 231ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන් පතාන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී රැස්කළේ ලකුණු 204ක් පමණයි.
ඒ, අනුව මෙම තරග ලකුණු 26කින් ජයගන්නට ශ්රී ලංකාවට හැකියාව ලැබුණා.
