එරාන් වික්‍රමරත්න සමගි ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා නොවන බව එම පක්ෂ සාමාජික නිරෝෂන් පාදුක්ක පවසයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් නිරෝෂන් පාදුක්ක පැවසුවේ ප්‍රමුඛ සාමාජිකයන් තිදෙනෙකු නම් කර ඇති බවත්, එම යෝජිත නම් අතරින් එක් අයෙක් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත්ය.
එරාන් වික්‍රමරත්න පක්ෂයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා බව පවසමින් සජබ සාමාජිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කළ විමසීම්වලට පිළිතුරු දෙමින් නිරෝෂන් පාදුක්ක පැවසුවේ, එවැනි තීරණයක් නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ඉක්මනින් ගෙන නියම වේලාවට ප්‍රකාශයට පත්කරන බව නිරෝෂන් පාදුක්ක වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් සඳහන් කළේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස එරාන් වික්‍රමරත්නව නම් කිරීමට තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
