Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක උසාවි යයි

2 years ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් උපයන ආදායමෙන් රඳවා බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තරෙම්න්තුව ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම යොමු කර ඇත්තේ සීමිත පන්දුවාර තරග නායක චරිත් අසලංක සහ ටෙස්ට් නායක ධනංජය ද සිල්වා විසින්.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමටයි දේශීය ආදායම් දෙපාර්තරෙම්න්තුව තීරණය කළේ.

ඊට එරෙහි පෙත්සම අද (18) කරුණු තහවුරු කිරීම සඳහා අභියාචනාධිකරණයේ වැඩබලන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත

අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (18) මෙම පෙත්සම කැඳවා තිබෙනවා.

එහිදී අදාළ පෙත්සමේ කරුණු තහවුරු කිරීම ලබන 28 වැනිදා දක්වා කල් තබා තිබෙනවා.