ජාතික නිදහස් පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තම පක්ෂයේ ලකුණ වන පංචායුදය ලකුණ යටතේ තරග කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.
ඒ අනුව පළාත් පාලන ආයතන බහුතරයකට ජාතික නිදහස් පෙරමුණ නාම යෝජනා බාර දෙන බවද විමල් වීරවංශ මහතා කීය.
එමෙන්ම තවත් පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා ස්වාධීන කණ්ඩායමක් ලෙස තරඟ කිරීමට අදහස් කර තිබෙන බව හිටපු මන්ත්‍රීවරයා පැවසීය.
එම පළාත් පාලන ආයතන සඳහා තම පක්‍ෂයේ සහ පක්ෂයේ නොවන පුද්ගලයන්ගෙන් සමන්විතව එම ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කරන බවයි ඔහු සඳහන් කළේ.
ජාතික නිදහස් පෙරමුණ මෙම පළාත් පාලන මැතිවරණයේදී වෙනම මුද්‍රාවක් තබන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
