ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට ආනයනය කරන ලද දෙවන වාහන තොගය ද පසුගිය දා මෙරටට ගොඩබැස තිබේ.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත පැමිණි Glovis Century, නෞකාවෙන් මෝටර් රථ 1,159 ක් ගොඩබානු ලැබූ අතර එයින් මෝටර් රථ 669ක් ප්‍රතිඅපනයනය සඳහා පැමිණි ඒවා බව සඳහන්.
ගොඩබානු ලැබූ ඉතිරි මොටර් රථ 490 ශ්‍රී ලංකාවේ ආනයනකරුවන් විසින් ගෙන්වනු ලැබූ ඒවා වන අතර එයින් මෝටර් රථ 462ක්ම BYD වර්ගයේ මෝටර් රථ වේ.
