2024 සඳහා ශ්‍රී ලංකා ආර්ථිකයේ 5% ක සමස්ත වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
2024 සිව්වන කාර්තුව සඳහා ජාතික නිෂ්පාදන ඇස්තමේන්තුව ඉදිරිපත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.
අලුත් වූ සාර්ව ආර්ථික ස්ථාවරත්වය මධ්‍යයේ මෙලෙස ශක්තිමත් පරිවර්තනයක් වාර්තා කරමින් ඇති බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.
ශ්‍රී ලංකාව මෙම වර්ධනය අත්පත් කරගෙන ඇත්තේ 2024 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4.5% කින් වර්ධනය වනු ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) පුරෝකථනය කර තිබූ පසුබිමකයි.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය 2024 දී පෙර වසරට වඩා 8.3% කින් වර්ධනය වූ අතර කාර්මික නිෂ්පාදනය 25.5% කින් සහ සේවා 57.5% කින් වර්ධනය විය.
