Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සමගි ජන බලවේගයේ ආධාරකරුවන් 33ක් අත්අඩංගුවට

2 years ago

මහනුවර පාතහේවාහැට මැතිවරණ කොට්ඨාසයේ සමගි ජන බලවේග ආධාරකරුවන් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔවුන් අපේක්ෂකයන් හට සහයෝගය පළකරමින් රථ වාහන පෙළපාළියක් යාමට සූදානම්ව සිටියදී බව සඳහන්.

මෙම පිරිසට අමතරව ඊට සූදානම්කර තිබූ වාහන 08ක් ද අම්පිටිය ප්‍රදේශයේදී මහනුවර මූලස්ථාන පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස භාරයට ගත් වාහන අපේක්ෂකයන්ගේ රුව යොදාගනිමින් මෙන්ම කොඩි ද යොදාගෙන සරසා තිබූ බවත් සඳහන්.

සිදුවීම සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසිය වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබයි.