පළාත් පාලන මැතිවරණ මැයි මස 06 වනදා පවත්වන බව මැතිවරණ කොමිසම ඊයේ (20) නිවේදනය කළා.
මේ අතර සයින්දමර්දු නමින් නගර සභාවක් ඉල්ලා විභාග වන නඩුවක් හේතුවෙන් කල්මුණේ මහ නගර සභාවේ ඡන්ද විමසීම නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසනවා.
එමෙන්ම 2019 වසරේදී විභාග වූ නඩුවක් හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම පැවැත්වීමට ප්‍රමාද විය. එහි සභිකයින් තවමත් සිය ධූරවල කටයුතු කිරීම හේතුවෙන් එම ප්‍රාදේශීය සභාවේද ඡන්ද විමසීම නොපැවැත්වේ.
මේ අතර දෙහිඅත්තකණ්ඩිය, මන්නාරම හා පූනාකරී යන ප්‍රාදේශීය සභාවල නාම යෝජනා ලබන 24 වනදා සිට 27 වනදා මධ්‍යහ්න 12 දක්වා භාරගැනීමට නියමිතයි.
අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් එම ප්‍රාදේශීය සභාවන්හි නාම යෝජනා භාර ගැනීම ප්‍රමාද විය.
