පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සඳහා කථානායකවරයා ඊයේ (21) සිය සහතිකය සටහන් කළේය.
ඒ අනුව මෙම විසර්ජන පනත් කෙටුම්පත 2025 අංක 03 දරණ විසර්ජන පනත ලෙස බලාත්මක වන බව පාර්ලිමේන්තු කටයුතු මහලේකම් කාර්යාලය පවසයි.
2025 විසර්ජන පනත් කෙටුම්පතේ තෙවැනිවර කියවීමට පක්ෂව ඡන්ද 159ක් ද විපක්ෂව ඡන්ද 45ක් ද හිමිවිය.
ඒ අනුව වැඩි ඡන්ද 114කින් අයවැය තෙවන වර කියවීම සම්මත වූ අතර මෙහිදී ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ, කාදර් මස්තාන් අයවැයට පක්ෂව ඡන්දය ලබා දීම විශේෂත්වයක් විය.
