සර්වජන බලය පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක ලෙස තරඟ වැදීමට ව්‍යවසායක හසන් අලාල්දීන් මහතා නම් කර තිබෙනවා.
දෙහිවල ප්‍රදේශයේ ඊයේ (21) පස්වරුවේ පැවති ඉස්ලාම් බැතිමතුන්ගේ ඉෆ්තාර් උත්සවයකදී මේ බව නිවේදනය කර තිබුණා.
හසන් අලාල්දීන් මහතා මින් පෙර සර්වජන බලය විධායක සභාවේ සාමාජිකයෙකු මෙන්ම මාධ්‍ය ලේකම් ලෙසද කටයුතු කළා.
මෙම අවස්ථාවට සර්වජන බලය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා, හිටපු ඇමතිවරුන් වන චන්න ජයසුමන සහ අලි සබ්‍රි යන මහත්වරුන්ද එක්ව සිටියා.
