පිරමීඩ වැනි වංචාවන්ට හසුවන මෙරට ජනතාවගෙන් බහුතරයකට මූල්‍ය සාක්ෂරතාවය නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු හා මුල්‍ය ආයතනවලින් ලබාදෙන නව තාක්ෂණික සේවාවන් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.
“තමන්ගේ අත මුදල් තිබුණට ඒ මුදල් වැරදි විදියට පාවිච්චි කිරීමට සහ වංචාවලට හසුවීමට තියෙන අවස්ථාව වැඩියි. ඒ ගැන මූල්‍ය සාක්ෂරතාවය සහ දැනුම නැතිකම. විශේෂයෙන් අපි දකිනවා ඉන්ටර්නෙට් එකේ දැන්වීම් පළ කරලා. ඩිස්කවුන්ට දෙනවා. මේවා දෙනවා කියලා ඊමේල් පණිවුඩ එනවා.
දැන් අලුත්ම එක තමා එක එක දේවල් වගා කරන්න මුදල් එකතු කරනවා කියලා විශාල වශයෙන් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කරනවා. ගස් වැව්වොත් ආයෝජන කළොත් විශාල වශයෙන් ප්‍රතිලාභ ලැබෙනවා. පලතුරු වගා කළොත් ලැබෙනවා එහෙම නැත්නම් වල්ලපට්ට වගා කළොත් ලැබෙනවා කියලා.
නීතියේ තියෙන අඩුපාඩුවක් පාවිච්චි කරලා ආයෝජන මුවාවෙන් ඔබේ අතේ තියෙන මුදල් වංචා සහගතව ලබාගෙන, ඒ මුදල් පීරමීඩවල හෝ අනවසර තැන්පතුවල දැමීමෙන් මුදල් නැතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා හැම තිස්සේම එහෙම දෙයක් කියනවා නම් පළමුවෙන්ම අහන්න ඕනේ කොහොමද ඒ වගාවෙන් මේ තරම් විශාල ප්‍රතිලාභයයක් ලබාදෙන්නේ කියලා.”
